සියලු ආකාරයේ බැංකු ගිණුම විවෘත කිරීම, පළාත් පාලන ආයතන වලින් ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම, මෝටර් වාහන ලියාපදිංචිය සහ බලපත්‍ර අලුත් කිරීම ආදී කටයුතු වලදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (ටින්) ඉදිරිපත් කිරිම අනිවාර්ය කිරිමට අදාළ සංශෝධනය ඇතුළත් 2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත නුදුරු දිනෙකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මෙම නව සංශෝධනයට අනුව ඉඩමක හිමිකම වෙනත් කෙනෙකුගේ නමට පැවරීමේදී, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී, සමාගමක කොටස් වෙන පාර්ශ්වයකට පැවරීමේදී, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයැදුම් කිරීමේදී ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.