බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.
මෙම ගනුදෙනුව හේතුවෙන් සමාගමට රුපියල් හාර කෝටි විසි ලක්ෂයක පාඩුවක් වී ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
සමාගම තම සීනි තොගවලින් කොටසත් මෙසේ පාඩු පිට අලෙවි කර ඇත්තේ 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිග මුදල් සොයාගැනීමට ගොවීන්ගේ උක් සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු කිරීමට බව කියති.
සීනි සමාගම සඳහා සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රජයේ බදු සමඟ රුපියල් 283ක් පමණ වැය වන බවත්, සමාගම මෙම සීනි මෙට්‍රික් ටොන් 500 අලෙවි කර ඇත්තේ කිලෝවක් රුපියල් 199කට බවත්, සේවකයෝ පවසති.
මූල්‍ය අර්බුදය සමනය කර ගැනීමට රුපියල් බිලියන 05 මුදලත් 3තා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතත් එම ණය මුදල ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
පැල්වත්තසමාගමේ සේවකයන් 3900 ක් පමණ සේවය කරන බවත් ඔවුන්ගේ වැටුප් ගෙවීම, උක් ගොවීන්ට
අදාළ ගෙවීම් කටයුතු කිරීම, නඩත්තුව ඇතුළු සමාගමේ පරිපාලන කටයුතු සඳහා මසකට රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය වන බවත් සමාගමේ වෘත්තිය සමිති පවසයි.
මේ පිළිබඳව විමසීමට පැල්වත්ත සීනි ප්‍රධාන විධායක සමාගමේ නිලධාරිනි දීපිකා ගුණරත්න මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය.
පසුව අප මේ සම්බන්ධයෙන් සමාගමේ සභාපතිනී සඳමාලි චන්ද්‍රසේකර මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ එම සීනි තොගය පාඩු පිට අලෙවි නොකළ බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලිකර ගැනීමක් අවශ්‍ය නම් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසන ලෙසයි.
අනතුරුව අප මේ ගැන වීමසීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක විය.
Lankadeepa