පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධුරය නිත්‍යානුකුල නොවන බවට ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය ගොනුකළ පෙත්සමේ තීන්දුව හෙට (02) ලබාදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.
ඒ, අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධුරය නිත්‍යානුකුල නොවන බව අභියාචනාධිකරණය පසුගිය මැයි මස 3 වනදා තීන්දු කළා.
ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ඡන්දදායකයන් හතර දෙනෙකු විසින්.
ඒ, 2015 වසරේ මාර්තු මාසයේදියි.
එහි තීන්දුව ලබා දෙමිනුයි ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට අභියාචනාධිකරණය නියෝගය කළේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩගේ එකගතාව අනුව තීන්දුව ප්‍රකාශයට පත් කළේ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින්.
අනතුරුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.