තවත් වෙඩි තැබීමක් - කාන්තාවකට තුවාල

තවත් වෙඩි තැබීමක් - කාන්තාවකට තුවාල

මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේ සිදුකළ

වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබේ.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ කාන්තාව මැදිවච්චිය රෝහලට ඇතුළත් කිරී‍මෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇත.

තුවාල ලබා ඇත්තේ ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවකි.

පෞද්ගලික ආරවුලක් මත ඊයේ (10) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුව අත්අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)

Search