17 හැවිරිදි සිසුවියකට වෙඩිතබයි

17 හැවිරිදි සිසුවියකට වෙඩිතබයි

ගෙලට වෙඩි වැදුණු 17 හැවිරිදි සිසුවියක්

රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (14) රාත්‍රියේදී මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

අදාළ සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.

වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේය යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මින්නේරිය පොලීසිය විමර්ශන සිදුකරයි.

සිසුවිය පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද වාර්තා වෙයි.

(Ada derana)

Search