අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ද?

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ද?

අප්‍රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම

අද (08) දිනයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවධානයට යොමු කිරීමට නියමිත ව තිබේ.

අප්‍රේල් මස 14 වන දිනයේ අලුත් අවුරුදු නැකත් පැවැත්වෙන අතර අප්‍රේල් මස 15 වන සඳුදා සාමාන්‍ය රාජකාරී දිනයක් බවට මේ වන විට පත්ව තිබේ.

කෙසේවෙතත් 15 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස බොහෝ පාර්ශ්ව මේ වන විට ඉල්ලීම් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැත.

එලෙස නිවාඩු දිනයක් බවට පත්කරන්නේ නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අවශ්‍ය බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කර ඇත.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

(Ada derana)

Search