කැබ් රථයක් දුම්රියේ ගැටෙයි

කැබ් රථයක් දුම්රියේ ගැටෙයි

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී

කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙරද එම ස්ථානයේ අනතුරු සිදුවී ඇති බවත් නිසි පරිදි දුම්රිය ගේට්ටු මුරකරුවන් නොමැති වීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවත්ය.

අද උදෑසන අනුරාධපුරය සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම කැබ් රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ.

ඕමන්ත පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)

Search