විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සිදුකරනු ලබන
මෙහෙයුම්වලදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 07දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 07 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිරි පළාත් උතුර කොට්ඨාසයේ නිලධාරීන් විසින් ගනේමුල්ල් ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී 54 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර රත්දොළුගම පොලිස් වසමේදී වැටලීමක් සිදුකර ගම්පහ පදිංචි 34 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර වැල්ලම්පිටිය පොලිස් වසමේදී සිදුකළ වැටලීමකදී 37 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මීගමුව, බෝලවලාන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර 27 හැවිරිදි හොරම්පෑල්ල ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුට ගෙන ඇත.
මේ අතර ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් 48 හැවිරිදි ගනේමුල්ලේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි අත්අඩංගුවට ගෙන තිබිණි.
එමෙන්ම කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පානදුර පොලිස් වසමේදී සිදුකළ වැටලීමකින් 45 හැවිරිදි හා 71 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 19 වනදා සිට ඊයේ (02) දින දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 252 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
(Ada derana)