ප්‍රබල භූකම්පනයක් - ජපානයටත් සුනාමි අනතුරු ඇඟවෙයි

ප්‍රබල භූකම්පනයක් - ජපානයටත් සුනාමි අනතුරු ඇඟවෙයි

තායිවානයේ නැගෙනහිර ප්‍රදේශයට

රික්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.

ජපානයේ කාලගුණවිද්‍යා ඒජන්සිය සඳහන් කළේ, මියාකොජිමා දූපත ඇතුළු කලාපයේ ජපන් දූපත් සඳහා මීටර් තුනක් පමණ උස සුනාමි රළ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවය.

පසුව එම අනතුරු ඇඟවීම් වල ප්‍රබලත්වය අඩුකළ අතර නමුත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විමසිල්ලෙන් පසුවන ලෙසයි.

අද උදෑසන 8ටපමණ තායිවානයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 18ක් දකුණින්, කිලෝමීටර් 15.5ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මේ හේතුවෙන් මේ වනවිට එක් අයෙක් මියගොස් ඇති බවත් ආපදාවට ලක්වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම තායිවානයේ අන්තර්ජාල සම්බන්ධතා සඳහා බාධා ඇති වී ඇති අතර වාහන මාර්ග වල විසිරී තිබෙන ආකාරයද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

මෙය තායිවානයට වසර 25කට පසුව බලපෑ ප්‍රබලතම භූ කම්පනය බව වාර්තා විය.

1999 සැප්තැම්බර් මාසයේදී තායිවානයට රික්ටර් මාපාංක 7.6ක භූ කම්පනයක් ඇතිවූ අතර එම  ව්‍යසනයෙන් පුද්ගලයින් 2,400ක් පමණ මියගොස් තිබුණි.

(Ada derana)

Search