සරසවි සිසුවෙක් දුම්රියේ ගැටෙයි

සරසවි සිසුවෙක් දුම්රියේ ගැටෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ

අවසන් වසරේ සිසුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත් තිබේ.

ඊයේ (01) සවස එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේදීය.

පොලීසිය පවසන්නේ, මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ  දුම්රියක මෙම සිසුවා ගැටී ඇති බවය.

එසේ මියගොස් ඇත්තේ, තල්පිටිය උතුර, වාද්දූව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)

Search