කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදය තෙවැනි දිනට ඇරඹේ

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21) දින සිදුකිරීමට නියමිතව තිබේ.

සමගි ජනබලවේගය විසින් කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පසුගිය 19 වන දින විවාදයට ගැණුනු අතර එහි ඡන්ද විමසීම ඊයේ (20) සිදුකිරීමට නියමිතව තිබිණි.

එහෙත් විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කිරීමත් සමග ඡන්ද විමසීම අද දින සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 4.30ට විවාදයට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

මේ අතර ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සදහා අමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දිනයේ යළි දිවයිනට පැමිණ තිබේ.

කථානායකවරයාට එරෙහිව පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම සඳහා සහභාගී වන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම්දීමෙන් පසු තමන් සිය සංචාරය අවලංගු කර දිවයිනට පැමිණි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

(Ada derana)

Search