කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය දෙවැනි දිනටත් ඇරඹේ

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දෙවැනි දිනටත් පැවැත්වේ. 

මේ අතර, විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව ඊයේ තීරණය කළේය.

ඒ අනුව හෙට (21) දිනයේදීත් විවාදය පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු සජීවි විකාශය ඉහතින් දැක්වේ.

(Ada derana)