පළමුව එන්නේ ජනපතිවරණයයි - ජනපති කැබිනට් මණ්ඩලයට කියයි

පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයද නැතහොත් මහ මැතිවරණයද 
යන්න සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
 

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි මැතිවරණ කටයුතු පැවැත්විය යුතු බවයි.

එබැවින් පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.  

එබැවින් මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ වීමට පෙර ඊට අදාළ පූර්ව කටයුතු සියල්ල අවසන් කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ. 

පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ඉකුත් සිකුරාදා ප්‍රචාරය වූ නෙත් නිවුස් කණින් කොණින් වැඩසටහනින්ද අනාවරණ කෙරුණා.

(Neth News)