ගොඩහේවා ආණ්ඩුවේ වැඩ පතුරු ගසයි (VIDEO)

වර්තමාන ආණ්ඩුව යළිත් පෙර වැරදි කිරීමට උත්සාහ ගන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් ඔහු, ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩු පසුගිය දෙවසරක කාලය තුල ගනුලැබූ ඇතැම් ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කළේ ය.

''අද මේ තිබෙන අර්බුදයට වර්තමාන ආණ්ඩුව වගකියන්න ඕනේ. ප්‍රශ්න විසඳාගන්න බැරිවෙච්ච එක මේ අර්බුදය කලින් දැකලා වලක්වා ගන්න බැරිවෙච්ච එක ගැන වර්තමාන ආණ්ඩුවත් වගකියන්න ඕනේ. වර්තමාන ආණ්ඩුව විතරක් නෙමෙයි මීට කලින් හිටපු ආණ්ඩු ගණනාවකුත් මේ සම්බන්ධයෙන් වගකියන්න ඕනේ.''

 

Search