හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නැගෙනහිර නාවික හමුදා මුලස්ථානයේ රැඳී සිටින බවට ලැබුණු ආරංචියක් අනුව විරෝධතාකරුවන් පිරිසක් මේවනවිට එම
කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටිති.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් වහා එලියට දමන ලෙස එම පිරිස නාවික හමුදා නිලධාරීන්ට බලකරමින් සිටිති.
ඊයේ දිනයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ අද (10) උදැසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබුණු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් ඔහු ඇතුළු පවුලේ සාමාජිකයින් ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුර ගොස් නාවික හමුදා රැකවරණ යටතේ සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.