දූෂණ ගනුදෙනු ගැන අනුරගේ හෙළිදරව්ව (VIDEO)

මෙරට සිදුවූ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් අද (3) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව්

කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඬ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හා නොකළ වංචා දූෂණ සහිත ලියවිලි මෙහිදී ඉදිරිපත් කෙරුණි.

.

"බත්තරමුල් පිහිටි CSN නාලිකාව පිහිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200, PV 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලය යටතේ ලියාපදිංචි කර ඇති ඩෙන්සිල් කොබ්බෑකඩුව පිහිටි එයිට් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක් ආයනය සතුව ඇති සියලුම චංචල හා නිශ්චල දේපල සහ විකාශන කටයුතු සඳහා භාවිතා කරන ලද සංඛ්‍යාත වටිනාකම මිලියන 235, නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් ඩී.එස්.පී පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2185 දරණ 219/01 ස්ටැන්ලි තිලකරත්න මාවත පිහිටි ඉඩම් කොටස වටිනාකම මිලියන 138, 2014.02.03 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4207 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාමසේවා වසමේ සිරිබෝපුර කැලයෙහි රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩමක් මිලදී ගැනීම, 2014.05.11 දින මිලදී ගනු ලැබූ 4133 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාවඩම ග්‍රාමසේවා වසමේ සියඹලාගතකොටුව පිහිටි ඉඩම වටිනාකම රුපියල් මිලියන 2කි. "

"ලංකාවේ ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය විසින් ලංකාවට තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රජය විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් හැට දෙලක්ෂ පනස් දහසක මුදලින් ඇමරිකානු ඩොලර් තිස්තුන් ලක්ෂ විසිදහසක මුදලක් කොමිස් මුදල් ලෙස ලබාගෙන තිබෙනවා."

"එයාර් බස් ගණුදෙනුවේදී එම එයාර්බස් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සොහොයුරු එවකට කථානායක චමල් රාජපක්ෂගේ බත්තරමුල්ල පිහිටි නිල නිවසේදී පවත්වා තිබුණා. එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස චමල් රාජපක්ෂගේ පුතනුවන්ද කටයුතු කර තිබුණා. මෙහිදී A 330 වර්ගයේ යානා 6ක් A 350 වර්ගයේ යානා 04ක් සහ A 350 යානා 4ක් කල් බදු ක්‍රමයට ලබා ගැනීමට නියමිතව තිබණා. මෙම ගණුදෙනුව ඩොලර් බිලියන 2.2ක ගණුදෙනුවක්. මෙය ලංකා ඉතිහාසයේම මිලදී ගත් වැඩිම වටිනාකමක් සහිත මිලදී ගැනිමයි."

 

ඇවන්ඩ්ගාඩ් නීති විරෝධි අවි ගනුදෙනු වංචාව 

 

 

 

 

Search