ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේ දී සජිත් සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් කථානායකවරයා මේ බව පැවසීය.
එහිදී කථානායකවරයා සහ විපක්ෂනායකවරයා අතර ඇතිවූ සංවාදය මෙසේ ය,
කථානායක - මේ වෙනකොට සමාජ මාධ්‍යජාලවල යනවා ජනාධිපතිවරයා කතානායකවරයාට ඉල්ලා අස්වෙන්න කැමතියි කියලා ප්‍රකාශ කළා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක්. උදේ කතාවේදී මම කිව්වේ 113ක් අරගෙන එතැනට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඒක අදත් වලංගුයි. කරුණාකරලා 113ක් හදාගෙන යන්න. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව තමුන්නාන්සේ තේරුම්ගන්න.
විපක්ෂනායක - ගරු කථානායකතුමනි පක්ෂ නායක රැස්වීමකදී ඔබතුමා, දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මම ඉදිරිපිට හිටියේ. මෙහෙමයි. එතැන ඔබතුමා ඒක ප්‍රකාශ කරලා දැන් නැහැයි කියලා කියනවානම්. මට ඔබතුමාට කියන්න වෙනවා ඔබතුමා කියන්නේ අසත්‍යයක් කියලා.
කථානායක - නෑ ඔබතුමා කියන්නේ අසත්‍යයක්.
විපක්ෂනායක - ඔබතුමා කිව්වා ඒක.
කථානායක - ඔබතුමා වැරදි විග්‍රහයක් කළා කියලා මම කියනවා.
විපක්ෂනායකවරයා - අපිත් පුදුම වුනා. මම මොනවටද මෙතනට ඇවිල්ලා බොරු කියන්නේ.
කථානායක - මම කිව්වේ 113 ක් අරගෙන...
විපක්ෂනායක - නෑ. නෑ. සම්පූර්ණ අසත්‍යයක් ඔබතුමා කියන්නේ. ඔබතුමා කියන්න එහෙනම් ඔබතුමාගේ කතාවේ ඔබතුමාට වැරදුනා කියලා. මම මෙතන ඇවිල්ලා කිව්වේ ඉස්පිල්ලක් පා පිල්ලක් නෑර ඔබතුමා කියපු දේ.
කථානායක - සම්පූර්ණ වැරදියි. ඔබතුමා ඒක වැරදි විග්‍රහයක් කරන්නේ.
විපක්ෂනායක - ගරු කථානායකතුමනි මේ වගේ ටොම් පච කතා කියන්න එන්න එපා.
කථානායක - තමුන්නාන්සේ ටොම් පචයක් කියන්නේ.
විපක්ෂනායක - තමුන්නාන්සේ කථානායක නෙවෙයි පචයෙක් එහෙනම්. පචයෙක්. බොරු කියන්න එන්න එපා.
කථානායක - තමුන්නාන්සේ බොරු කියන්න එන්න එපා මෙතන. තනතුරට අගෞරවයක්.