ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුව හැදුවට ජනතාව විශ්වාස කරයි ද ? (VIDEO)

ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුව හදාගත්තත් ජනතාව වත්මන් පාලනය කෙරෙහි විශ්වාසය නොතබන බව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක

පවසනවා.

ජනතාව විශ්වාස නොකරන පාලකයෙකුට මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි නිසා ජනතාව විශ්වාස කරන නව පාලනයක් අවශ්‍ය බවද ඔහු අද (19) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

"රටක් සොබාවිකව මේ ව්‍යසනය වුණා නම් ඊට මුහුණ දීම අප කාගේත් යුතුකම යි. නමුත් මෙය තමුන්නාන්සේලා විසින් නිර්මාණය කළ අර්බුදයක්. පාර්ලිමේන්තුවේ කොතරම් කෘෂිකර්ම ප්‍රශ්නය කතා කළා ද? ගොවි ජනතාව පාරට බැස්සා. ගොවි ජනතාව අවුස්සනවා යැයි කිව්වා. ජනාධිපතිවරයා වරද තේරුම් ගත යුත්තේ රටට මාරාන්තික විනාශයක් අත්කර දීලා ද? මෙය පිඟන් හෝදන කොට පිඟානක් බිඳුනා වගේ වරදක් නොවේ. ගොවි ජනතාවගේ ජීවිත විනාශ කිරීමක්."

Search