හෙල්මට් දාගෙන නැග්ගේ කවුද ? ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් මැද අනුර සියල්ල හෙළිකරයි (VIDEO)

තමන් ගමන් කරමින් සිටි වාහනයට හෙල්මටයක් පැළඳ නැගි පුද්ගලයා සිය ආරක්ෂාව සඳහා ස්වෙච්ඡාවෙන් පැමිණි පක්ෂයේ අයකු බවත් එම සිද්ධිය

සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඊට ඔහු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එම සිදුවීම ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමින් අද (6) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවසීය.

"අපේ ජීවිත ලාභයට ගොදුරු කරගන්න ඉඩ දෙන්නේ නැහැ. වාහනයට නැග්ගා පුද්ගලයා පරීක්ෂණයට ඉදිරිපත් කරන්න කියනවා නම් මා එසේ කරන්නම්. අසූ තුනේ නාටක යළි යළි ගොඩ නගන්න එනවා නම් එය අසාර්ථක බව මතක තියාගන්න."

"උඩුමහලේ ජීවත්වූ ජනාධිපතිවරයාට අද බංකරයක ඉන්නට සිදු වෙලා. ජනතාවගේ බලයට පාලකයන් තුෂ්නිම්භූත වෙලා."

 

 

Search