අයියා ජනපති තව අයියා කෙනෙක් අගමැති සහ තවත් අයියා කෙනෙක් ඇමති වූ පමණින් මුදල් අමාත්‍යවරයාට හිතුවක්කාරී ලෙස හැසිරිය නොහැකි බවත්
ගෙවල්වල පුරුදු පාර්ලිමේන්තුවට අදාළ නොවන බැවින් රටේ තත්වය පිළිබඳව අදහස් දැක්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ ය.
මෙරට ආර්ථික අර්බුදය පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් අද (11) පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස චෝදනා එල්ල විය.