මේ වගේ තත්වයක් එනවා කියලා අපි ජනතාවට කිව්වා - ඇමති ප්‍රසන්න (VIDEO)

ඉදිරි මාස හය ඇතුළත වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටට හැකිවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

 

රට තුළ ඇති සියලු ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මේ රට පවතින අර්බුදයෙන් ගොඩගත හැක්කේ වත්මන් ආණ්ඩුවට පමණක් බවත් ඇමතිවරයා සඳහන් කරයි.

“ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක රටේ ආදායම් නැතිවෙලා වියදම් වැඩි වුණා. ඒ නිසයි මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ආණ්ඩුව විදියට ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳව කනගාටු වෙනවා. මේ වගේ තත්වයක් ඇතිවෙන බව අපි ජනතාවට කිව්වේ වසර දෙකකට කලින්.

ජනාධිපතිතුමා පත් වුණු ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න එපා කිව්වා. පර්මිට් වලට වාහන ගන්න ලෑස්ති වෙන්න එපා කිව්වා. අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනෙක් දේවල් ගෙන්වීම නතර කළෙත් මේ තත්ත්වය ඇතිවීම පිළිබඳව අවදානමක් තිබුණු නිසයි. අපිට රටක් විදියට මේ වගේ තත්ත්වයක හරි රැඳිලා ඉන්න පුළුවන් වුණෙත් ඒ නිසයි.

එහෙම නැත්නම් මේ වන විට ඉන්ධන නැතිවෙලා. අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය නැතිවෙලා. අප්‍රේල් මාසේ වෙනකල් ගෙවීම් කරන්න තිබෙනවා. එතනින් පස්සේ හොඳ තත්වයක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා.

මාස හයක් යද්දි මේ තත්ත්වය වෙනස් වෙයි කියලා අපි විශ්වාස කරනවා. සියලු ප්‍රශ්න විසදිලා ඉදිරි වසර දෙක තුළ 2015 – 2019 කාලයේ වැනි සංවර්ධනයක් කරා රට ගෙනියනවා. පිටරටින් යැපෙන්නෙ නැතිව දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා දූරදර්ශීව කටයුතු කළා”

Search