ගෑස් පිපිරීම ගැන ජොන්ස්ටන්ට සැකයක් : ජනපති රහසිගතව හොයන බව ප්‍රසිද්ධියේ කියයි (VIDEO)

රටේ සමහර තැන්වල පමණක් ගෑස් පිපිරීම් වාර්තාවීම පිටුපස කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් මතුව ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

පවසනවා.

ඊයේ (6) කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

“ගෑස්වල ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ගෑස් පිපිරීම් වාර්තා වුනාට කොළඹ 07 ගෑස් පිපිරෙන්නේ නැහැ, උතුරු පලාතේ ගෑස් පිපිරෙන්නේ නැහැ, කුරුණෑගල නගරයේ පිපිරෙන්නේ නැහැ, නුවර නගරයේ පිපිරෙන්නේ නැහැ. විවිධ තැන්වල විතරයි මේ දේ සිද්ධ වෙන්නේ. එනිසා මේ ගෑස් පිපිරීම් ගැන අපි විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.

ජනාධිපතිතුමා මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකරනවා."”

Search