හදිසි වැටලීම් ගැන බන්දුල කියයි - දැන් ගැටළුවක් නැහැ සීනි ප්‍රශ්නයකුත් නැහැ (VIDEO)

සහල් තොග රජයට පවරා ගැනීම පිළිබඳව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද විශේෂ ප්‍රකාශයක් කළේය.

 

“සහල්වල මිල පාලනය කිරීමට රජය උත්සාහ ගත්තත් සියලු උත්සාහයන් අසාර්ථක වුණා. සහල් ව්‍යාපාරිකයන් සමග නාඩු කිලෝවක් 98ක් හා සම්බා කිලෝවක් 103ක් සපයන බවට සඳහන් කළා.

පසුගිය සතිය තුළදී ඔවුන් දිගින් දිගටම සහල් සැපයීම නැවැත්තුවා. ඔවුන් සහල් දෙන්න සතොසේ ටෙන්ඩර්වලට ඉදිරිපත් වුණේ නෑ.

දිනකට හාල් කිලෝ ලක්ෂ 5ක් 6ක් නිකුත් කරන ඇතැම් ව්‍යාපාරිකයන් දිනකට සහල් කිලෝ 30000ක් පමණ නිකුත් කර තිබුණා.

ඒ අනුව අපි අත්‍යාවශ්‍ය ආහාර කොමසාරිස්වරයෙක් පත්කළා. ඒ අනුව අපි සතොසට සහල් තොග ලබා ගත්තා. සාකච්ඡා තිබිලා සම්මුතීන් ඇතිකරගෙන තිබුණත් ඒවට අනුව කටයුතු නොකිරීම නිසයි සතොසට සහල් ලබා ගත්තේ.

අද දිනයේ සිට සුපුරුදු පරිදි සහල් තොග නිකුත් කරනවා කියලා ඔවුන් කියනවා. තමන්ගේ රාජකාරී නිරුපද්‍රිතව කළොත් වැටලීමක් කළොත් අරන් එන්නවත් අවශ්‍යතාවක් නෑ. ව්‍යාපාරික ආයතනවලටත් නිරුපද්‍රිතව ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්.”

 

Search