ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියලා : සජිත්ගෙන් විරෝධය (VIDEO)

මේ මොහොතේ රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියා ඇති බවත් ,

ඒ හරහා ජාවාරම්කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නමුත් ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරන්නට උත්සාහ කරන්නේ 1% තරම් සොච්චම් ප්‍රතිශතයකට, ජාවාරම්කාරයන්ට සහ සමහර ධන කුවේරයින්ට බදු සහන සලසා දීමට කටයුතු කිරීම බව ඔහු පවසයි.

අසාධාරණ ලෙස ධනය උපයා ගෙන බදු මුදල් සඟවාගෙන සිටින ජාවාරම්කාරයන්ට මේ පනත හරහා රැකවරණය සැලසෙන බව පෙන්වා දුන් විපක්ෂ නායකයා ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බව වැඩිදුරටත් පැවසීය.

Search