චේන් කඩපු ඉතිහාස කතාත් තියෙනවා : අනුරගෙන් රෝහිතට ප්‍රහාරයක්

"අතීතයේ තුවක්කු පැහැරගත්තු කරපු ඉතිහාස කතා වගේම චේන් කඩපු ඉතිහාස කතාත් තියෙනවා.

ඒ නිසා අපි ඉතිහාසය ගැන කතා කරනවානම් අපිට ඒ විදියට කතා කරන්න පුළුවන් වෙයි.

වැදගත් පනත් දෙකක් කෙටි කාලයක් ඇතුලත අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා.

පක්ෂ නායක රැස්වීමේ දී අපි මේ පිළිබඳව විවිධ කරුණු ඉදිරිපත් කළත් ආණ්ඩුව මේ පනත් එකවිට සාකච්ඡා කරන්න ඕන කියලා තීරණය කිරීම මත තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ.

ඊළඟ මට පෙර කතා කළ ආණ්ඩු පක්ෂ නියෝජිත මහත්මයා කියපු පරිදි ලක්ෂ ගණනක් පාරට බැහැලා තියෙනවා මාස 3ක්.

මිනිස්සු කැසිල්ලට පාරට බහින්නේ නැහැ. තමන්ගේ ගම්බිම්වල තියෙන වනාන්තර ස්වභාවික වනාන්තර කොම්පැනි කාරයන්ට පවරලා දෙනකොට ඒකට විරුද්ධව පාරට බැහැලා තියෙනවා.

ගොවි ජනතාව තමන්ගේ සාධාරණ යෙදවුම් ටික නොලැබෙන කොට, කුඩා තේ වතු හිමියන්, ගොවිජනතව පාරට ඇවිල්ලා තියෙනවා.

අප්‍රේ රටේ පෝර්ට් සිටිය චීනෙට සින්නක්කරව පැවරීමේ නීති සම්පාදනය කරනකොට මිනිස්සු පාරට ඇවිල්ල තියෙනවා. නැගෙනහිර ජැටිය විකුණන්න හදනකොට මිනිස්සු පාරට ඇවිල්ලා තියෙනවා.

ගුරුවරු තමන්ගේ වෘත්තිමය ගරුත්වය පවත්වාගෙන වෘත්තියේ දීම සඳහා අවශ්‍ය සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් පාරට ඇවිත් තියෙනවා.

ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ කිසිවෙක් තමන්ට ගෙදර ඉන්න බැරි නිසා පාරට ආපු අය නෙවෙයි. ආණ්ඩු විසින් ව්‍යසනයට විනාසයට පත් කිරීම නිසා පාරට බැහැපු ජනතාව."

Search