කොවිඩ් වසංගතය උත්සන්න වීමෙන් රටේ ආර්ථිකය දැවැන්ත අර්බුදයකට ලක්ව, සමස්ත ජනතාවම අසරණය සිටියදී, වැටුප් විෂමතා මුල්කර ගනිමින් වර්ජන
ක්‍රියාත්මක කිරීම යුක්ති සහගත දැයි අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්. පීරිස් ප්‍රශ්න කරනවා.
තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය කඩාකප්පල් කිරීම කෙතරම් සාධාරණයද යන්න පිළිබඳව ගුරුවරුන් තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු බවයි අද (9) පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ.