මෙරට පොලිසිය පවා ස්ත්‍රීන්ට බලහත්කාරකම් කරන තත්වයට පත්ව ඇති බව ක්‍රියාකාරිනි ව්‍රායි බල්තසාර් පවසනවා.
ආණ්ඩුව විසින් පොලිසිය යොදවා නීති විරෝධී ලෙස මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ සාමකාමී රැස්වීමේ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අලුත් පියාපත් සංවිධාන විසින් පසුගිය දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව කියා සිටියා ය.
මින් පෙර දී වරප්‍රසාද ලත් ස්ත්‍රීන්ගේ ඇඳුම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වූ මේ ආණ්ඩුවම මේ අවස්ථාවේ දී අපේ රට, අනාගතය වෙනුවෙන් සාමකාමිව උද්ඝෝෂණය කරන ස්ත්‍රීන්ට දක්වන සහකම්පනය ගැන ගැටළුවක් ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියා ය.