රටේ තුන් හතර දෙනෙකු එක් වී සහල් මිල පාලනය කරමින් කෝටි ගණන් මිනිසුන්ගේ මුදල් ඉපයීමට
කිසි ලෙසකින්වත් ඉඩ දිය නොහැකි නිසා සහල් මිල පාලනය සම්බන්ධයෙන් පැනවූ නීති රීති හා දඬුවම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි දැඩි තීරණයකට පැමිණ සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
පසුගිය කාලය පුරා ම අසාධාරණ ලෙස මිල වැඩි කරමින් වී මෝල් හිමියන් විසින් කෝටි ගණනින් ලාභ උපයාගත් බව හෙළි වී ඇති නිසා, වැඩි මිලට සහල් විකුණන සියලු දෙනාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කරන බව අවධාරණය කරන ඇමතිවරයා නියමිත මිලට ගොවියාගෙන් වී මිලදී ගැනීම සඳහා කිසිවෙකුත් උත්සුක නොවන්නේ නම්, සියලු ම වී මිලදී ගැනීමට රජය සූදානම් බව ද පවසයි.
ගොවියාට සහතික මිල ලබා දීමට තම අමාත්‍යංශය මෙන් ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබා දීමට වෙළෙඳ ඇමතිවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය සූදානම් බව ඊයේ (ජූනි 30) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Newshub