වත්මන් රජය ක්‍රියාත්මක වෙන ආකාරය දෙස බැලූ විට, අහසින් කඩන් පාත්වුණා සේ සිරකරුවෝ නිදහස් කරනු ලැබුවේ GSP+ බදු සහනය අහිමි වීමේ
අවදානම මග හැර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
සිරකරුවන් නිදහස් කිරීම සහ GSP+ බදු සහනය අතර සම්බන්ධයක් තිබෙන බව සිතන්නේ දැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
දීර්ඝ කාලීනව සිරගත කර සිටින සිරකරුවන් නිදහස් කිරීම, කුමන හේතුවක් උඩ හෝ වේවා කළ යුත්තක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.