මාධ්‍ය විසින් රජය පාලනය කරන්න උත්සහ කරනවා නම් ඒවාට පාඩම් උගන්නන්න ඕන විදිය තමන් දන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
"දැන් හාමුදුරුවනේ, මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහගේ නිදහස නෙවෙයිනේ. එතකොට ඒක මාෆියාවක්. මාධ්‍ය අයිතිකාරයට ඕන විදියට රට දුවන්න හදනවනම් ඒක මාෆියාවක්. ඒකයි වෙන්නේ. අපේ රටේ රජවරුත් නැහැ මහාරාජාලත් නැහැ. මහරාජාලා හිටියේ ඉන්දියාවේ. මෙහෙ රජයවල් පාලකයෝ පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බෑ. මම දන්නවා ඒවාට පාඩම් උගන්නන්න ඕන නම් උගන්නන විදියත් මම දන්නවා."
"මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මාස 14ක් මම පාලනය කළා. නමුත් කිසිම මාධ්‍යයකට කිසිම බලපෑමක් කරලා නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකටත් නීති තියෙනවා. කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මං ක්‍රියාත්මක කරනවා. මේ මාධ්‍ය පමණක් නෙවෙයි. ජාතික මාධ්‍යයේත් ඉන්න සමහර අය බොරු.. කුඹුක් ගස් කැපුවා කියලා බොරු ප්‍රචාර දාලා තිබුනා. මං හොයලා බැලුවා කවුද. මේවයේ ඉන්නවා ඔය අපි යුද්ධ කාලේ ඔය මාධ්‍ය තමයි අපිට විරුද්ධව වැඩ කරේ. ඒ අයම තමයි දැන් කණ්ඩායමක් රිංගගෙන මේවා ප්‍රචාරය කරනවා."