ජාතිවාදය අවුස්සන්න ගිහින් වීරසේකර ඇනගෙන ඉන්නේ - මනුෂ නානායක්කාර

බුර්කාව තහනම් කරන ගැසට්ටුවක් ගෙන එන බව පවසා ජාතිවාදය ඇවිස්සීමට ගොස් ආණ්ඩුව ඇනගෙන සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

"පළාත් සභා ඡන්දය තියන්න ඕන කියලා ජනාධිපතිවරයා කියනකොටම මෙහෙන් සරත් වීරසේකර කියනවා බුර්කාව තහනම් කරනවා කියලා. මොකක්ද මේ කතාව. මෙන්න ජාතිවාදය අවුස්සන හැටි. මේ තමයි ජාතිවාදය අවුස්සලා ඡන්ද ගන්න හදන එක. සිංහල බහුතරයක් ජනතාව දිනා ගැනීම සඳහා බුර්කාව තහනම් කරනවා කියන යෝජනාව... මම කියන්නේ මේක තහනම් කරනවද නැද්ද හරිද වැරදිද කියන එක නෙවෙයි. හැබැයි මේක මේ වෙලාවේ ගේන්නේ ඇයි. පළාත් සභා ඡන්දය තියන්න ඕන කියලා ඒ අදහස එනකොට, පළාත් සභා ඡන්දය ඉලක්ක කරලා තමයි මේක කියන්නේ."

 

Search