මෙරට ජනතාවගේ ජීවන බර දරා ගන්න බැරි තරම් ඉහල ගොස් ඇති මෙවන් අවස්ථාවක පවා, වත්මන් පාලනය සෑම දෙයක්ම ජාවාරමක් බවට පත්කරගෙන ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවස යි.
ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ මංගල සංවත්සරය වෙනුවෙන් ඊයේ (15) දින කොළඹ දී පැවැත්වූ ජන හමුවට එක් වෙමිනි.
"අපේ සහෝදර සහෝදරියන් දස දහස් ගණනක් මැද පෙරදිග රටවල්වල පාරවල්වල දුක් විඳිද්දී ඒ හැම මිනිහෙක්ගේම පොකට් එකෙන් රුපියල් ලක්ෂ තුනක් කොල්ල කන පාලනයක් තමයි මේ රාජපක්ෂ පාලනය, නිරෝධායනයට මුවා වෙලා"
;