හොරු අල්ලන්න ගිය මාව අල්ලලා හිරේට දැම්මා - රන්ජන් මාධ්‍යට කෑ ගසා කියයි (VIDEO)

හොරු අල්ලන්න ගිය මාව අල්ලලා හිරේට දැම්මා - රන්ජන් මාධ්‍යට කෑ ගසා කියයි (VIDEO)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වී සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක

අද (9) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙත රැගෙන එනු ලැබී ය.

ඔහු පුවත්පත් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියේ, මවුබිම පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියකට එරෙහිව ඔහු විසින් කරන ලද පැමිණිලි විභාගයකට අදාලව යි.

පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පුවත්පත් මණ්ඩලය වෙත ගෙන එන අවස්ථාවේ දී ලැබුණු සුළු ඉඩෙන් ඔහු මාධ්‍ය වෙත මෙසේ කියා සිටියේ ය.

"ගෝඨාභය මහත්තයා කිව්වේ හොරු අල්ලන්න කියලා. හොරු අල්ලන්න ගිය මාව ඇතුලට දැම්මා."

 

Search