ජනතාවට මිත්‍යාව රජ පවුලට විද්‍යාව- ඩුබායි ෂෙයික් ගහපු කොවිඩ් එන්නත ලංකාවේ VVIP සහ රජ පවුලටත් ගෙන්නලා

චීනයෙන් ගෙන්වන ලද කොරෝනා එන්නතක් රටේ ප්‍රධානතම ප්‍රභූ පවුල්වල සාමාජිකයින් එන්නත් කරගෙන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

"දැන් ජනතාවට මිත්‍යාව, රජ පවුලට විද්‍යාව. ජනතාව බේරාගන්න මහමුහුදට පනිනවා කියනවා, කළගෙඩි අත අරිනවා ජලාශවලට ගංගාවලට. ජනතාව බේරන්න පාවිච්චි කරන්නෙ මිත්‍යාව.

හැබැයි රජ පවුලට විද්‍යාව. අපට ආරංචියි මේ කෝවිඩ් සම්බන්ධ එන්නතක්, චීනයෙන් නිකුත් කරපු එන්නතක් ඔය VVIP පවුල්වල කට්ටිය දැන් ගහගෙන කියලා.

එක අතකට ඩොලර් 70යි, අනිත් අතට ඩොලර් 70යි, ඩොලර් 140ට එන්නත ගහගෙන තමයි ඒ රජ පවුල්වල, VVIP පවුල්වල අය දැන් ඉන්නෙ.

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Search