කොරෝනා ආසාදනය හේතුවෙන් මියයන මුස්ලිම්වරුන්ගේ දේහයක් වලදමනවාද ? පුච්චනවද ?
කියා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (03) ආණ්ඩු පක්ෂයෙන් විමසීමත් සමග මැතිසබයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
ඉකුත් ජනාධිපතිවරණයේදී කැලණියේ නාග රාජයකු නිර්මාණය කළා සේ මෙවර කොරෝනා සමයේදී ගංගාවන්ට පැන් කළ විසි කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ඒ මණිඅක්ඛිත නාගරාජයාගේ සහාය ලබා ගැනීමට තිබූ බවට විපක්ෂනායකවරයා සඳහන් කරද්දී ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ලවිය.
ජනතාව බරපතල ප්‍රශ්න රැසක සිටියදී සෞඛ්‍ය ඇමතිනිය කලගෙඩි ගංගාවලට දමන බවත් ඒ වෙනුවට ජනතාව වෙනුවෙන් කළයුතු බොහෝ දේ තිබූ බවත් ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් හමුවේ ඔහු අවධාරණය කර සිටියේය.