ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය කාලය තුලදී රාජ්‍ය ආයතන කිහිපයක්ම නිරීක්ෂණයට
එක්වුවත් ඉන් පලක් වී නොමැති අතර එම ආයතන තවමත් ක්‍රියාකරන්නේ පෙර ආකාරයෙන්ම යැයි සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවස යි.
ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹදී ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
“වර්තමාන ජනාධිපතිතුමා නාරාහේන්පිට නිවාස සංවර්ධන අධිකාරියට ගිහින් කෑගහල තිබ්බා. එතුමා ඔය වගේ රාජ්‍ය ආයතනයකට ගියපු පළවෙනි වතාව නෙවෙයි. අපි දැක්කා RMV එකට ගියා මැතිවරණයට කලින්, දැව සංස්ථාවට ගියා, අපි දැක්කා පොළට ගිහින් හාල් වල මිල බැලුවා. ඔය වගේ ගොඩක් තැන් වලට එතුමා යනවා. හැබැයි කණගාටුවට කාරණාව එතුමා ගිහින් මාසයක් යනකොට වත් තවමත් ඒ තැන් තිබ්බ විදියමයි."
"හරියට මේ පණිවිඩේ ඔලුවට අරන් තිබ්බේ දැව සංස්ථාව විතරයි. මුළු රටේම තියෙන ගස් ටික කපනවා. හරියට ඔලුවට අරන් තියෙන එකම තැන ඒක තමයි. අනෙක් අය කිසිම කෙනෙක් ඔලුවට අරන් නෑ.” යනුවෙන් වැඩිදුරටත් ඇය සඳහන් කළා ය.