ගෝඨාභයගේ නමේ අකුරක් වැරදිලා : 'මිහිර' කර්තෘ ඇතුළු ලේක්හවුස් තිදෙනෙක් ඉන්ටඩික්!

ලේක්හවුස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන ළමා පුවත්පතක් වන 'මිහිර' පුවත්පතෙහි සිදු වූ අකුරක දෝෂයක් හේතුකොටගෙන එම පුවත්පතේ කතෘ, උප කර්තෘ හා පිටු සැකසුම් ශිල්පියා යන තිදෙනාගේ සේවය

වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවට වාර්තා වෙයි.

පසුගිය සතියේ නිකුත් වූ 'මිහිර' පුවත්පතෙහි ඇතුළු පිටුවක ජනාධිපති වරයාගේ නම ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ යන්න' 'ශෝ'ඨාභය ලෙස අකුරක දෝෂයක් ව සටහන්ව තිබීම හේතුකොටගෙන මෙම තීන්දුව ගෙන ඇත.

පුවත්පතක මුද්‍රණ දෝෂයක් හෝ අතපසුවීමක් සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.

එහෙත් ලේක්හවුස් පාලන අධිකාරිය එම වරදට දඬුවමක් වශයෙන්, දශක කිහිපයක් 'මිහිර' පුවත්පත කීර්තිමත් තැනකට ඔසවා තැබීමට කටයුතු කළ ප්‍රධාන කර්තෘවරයාගේ සේවය අත්හිටුවා ඇත.

කඩේට ගිය පත්තර තොග ආපසු ඇදලා

 'මිහිර' පුවත්පත පසුගිය සතියේ මුද්‍රණ දෝෂය සහිතව වෙළඳපොළට නිකුත් කොට තිබූ අතර පසු එය දැනගත් වහාම ලක්ෂ ගණනක් වියදම් කොට ආපසු එම පුවත්පත් ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබේ.

ඒ වෙනුවට අකුරක මුද්‍රණ දෝෂ නැවත සකස් කොටඅලුතින්ම එම පුවත්පත මුද්‍රණය කිරීමට කටයුතු කොට තිබේ.

එයින් ලේක්හවුස් ආයතනය ලද පාඩුව මිලියන ගණනකි.

ලේක්හවුස් ආයතනයේ විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශනවල මුද්‍රණ දෝෂ සහ අතපසුවීම් මෙන්ම ඇතැම් විට හිතා මතා කරනු ලබන වැරදි ද බොහෝ වන නමුත් කිසිවක් නිවැරදි කිරීමට හෝ ඒ වරද පිළිගැනීමට ඔවුන් කටයුතු නොකරයි.

එහෙත් ගෝඨාභය වෙනුවට 'ශෝ" ඨාභය ලෙස නම වැරදියට හේතුකොටගෙන එම ආයතනය මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ සහ පිටු සැලසුම් ශිල්පියෙකුගෙන් සේවය අත්හිටුවීම ටත් වෙළඳපොළට නිකුත් කරනු ලැබූ පුවත්පත ආපසු ගෙන්වා ගැනීමටත් කටයුතු කිරීම ලේක්හවුස් ආයතනයේ වර්තමාන පාලන අධිකාරියේ පවතින කෲරතර ස්වභාවය මනාව පිළිබිඹු කරන බව ආයතනයේ සේවකයෝ පවසති.

WhatsApp Image 2020 09 19 at 2.09.32 PM

Search