කොළඹ නගරයේ රථවාහන තදබදයට පිළියමක් ලෙස මේ දිනවල අත්හදා බැලෙන මංතීරු නීතිය
ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඇතැමෙක් එය හඳුන්වා දී ඇත්තේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන සාමාන්‍ය ජනයාට එල්ල කළ තවත් පහරක් ලෙසිනි. යතුරුපැදිකරුවන්, ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම බස්රථ භාවිතා කරන මගීන් මෙයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව යි ඒ අනුව පෙනී යන්නේ.
මංතීරු නීතිය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අදහස් කිහිපයක්
මෙම නීතිය අත්හදා බැලූ සිව්වැනි දිනය වන අද දිනයේ දීත් උදැසන 6 සිට 10 දක්වා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, බේස්ලයින් මාර්ගය, හයිලෙවල් මාර්ගය සහ ගාලු මාර්ගයේ මංතීරු නීතිය ක්‍රියාත්මක වුණා.
දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ එක් මංතීරුවක ගමන් කරන අතර සෙසු වාහන සඳහා අනෙක් මංතීරු වෙන්කර ඇති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරුපවල දක්නට ලැබුණේ මංතීරු තුනක් ඇති මාර්ගවල පවා මංතීරු දෙකක් හිස්ව තිබිය දී එක් මංතීරුවක (බස්රථ සඳහා වෙන්කර ඇති) දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන ආකාරයයි.
එසේම, මංතීරු නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව ලබන සඳුදා සිට දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව මෙම නීතිය කඩකරන රියදුරටන් එරෙහිව රුපියල් 2,000 ක දඩයක් පැනවෙනු ඇත.
මංතීරු නීතිය පිළිබඳ රියදුරන් News First වෙත මෙසේ අදහස් පළ කර තිබුණි.