ජනතාවට කන්දෙන එක නරක දෙයක් නෙවෙයි ලු : 20 ගැන අලි සබ්‍රි දැන් කියන කතාව

 

දැනට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත

සකස් කරන ලද්දේ තමන් විසින් නොවන බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි ප්‍රකාශ කර සිටියි.

20 වැනි කෙටුම්පත පිළිබඳව මාධ්‍යවේදීන් විසින් යොමුකළ ගැටළු කිහිපයකට ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙසේය,

මාධ්‍යවේදීන්: 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැදුවේ ජයම්පති වික්‍රමරත්න කියලා මුළු රටම දන්නවා. 20 වැනි සංශෝධනය හැදුවේ ඔබතුමා ද?

අමාත්‍යවරයා: නැහැ, මම නෙවෙයි. 20 වැනි සංශෝධනයෙන් වෙන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කරලා 19ට පෙර තිබු තත්වයට යන එක විතරයි. 20 වැනි කෙටුම්පත, කැබිනට් මණ්ඩලය සාමූහිකව ගත්තු සහ ලබාදීපු උපදෙස් මත නීති කෙටුම්පත් සම්පාදක විසින් කරන ලද කෙටුම්පතක්.

මාධ්‍යවේදීන්: නමුත් මේකට මුලිකත්වය ගන්නවා කිව්වේ ඔබතුමා. අවසානයේ ඔබතුමා නෙවෙයි වෙනත් පිරිසක් විසින් ද මේ ව්‍යවස්ථාව සකසන්නේ?

අමාත්‍යවරයා: නැහැ.කැබිනට් මණ්ඩලයට තමයි නීති සම්පාදනය කිරීමේ බලය තියෙන්නේ. ඔවුන් ලබාදෙන උපදෙස් අනුව එය කෙටුම්පත් කරනවා. කෙටුම්පත් කරන දෙපාර්තමේන්තුව මා යටතේ තියෙන හින්ද, රේඛීය අමාත්‍යංශය මා යටතේ තියෙන හින්දා තමයි මම ඔවුන් එක්ක සම්බන්ධීකරණය කළේ කැබිනට් මණ්ඩලය වෙනුවෙන්. මගේ කිසිදෙයක් අලුතින් නැහැ. මේකේ තියෙන්නේ 19 ට පෙර තිබු 18 තත්වේ.

මාධ්‍යවේදීන්: 20 යම් යම් කරන සංශෝධනය විය යුතුයි කියලා ඔබ හිතනවා ද?

අමාත්‍යවරයා : අවශ්‍ය නම් සාකච්ඡා කරලා ඒ දේ කරන්න අපි කැමතියි. ජනතාවට කන්දෙන එක නරක දෙයක් නෙවෙයි.

 

Search