ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු මෙන්ම එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය පිලිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් වරයෙකු වූ රොබර්ට් ඔ බ්ලේක් අපට නුහුරු පුද්ගලයෙකු නොවේ.
ශ්‍රී ලංකාවට අතිශය භායනක වූ ACSA නම් යුධමය ගිවිසුම ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තබුනේ 2007 මාර්තු මස 5 වන දිනය. ACSA නම් එම ගිවිසුමේ සිංහල අර්ථය වන්නේ "අත්පත් කරගැනීමේ හා හරස් සේවා ගිවිසුමයි " . මෙම ගිවිසුම මගින් ඇමෙරිකානු හමුදා ඉන්දියන් සාගරයේ යුධ වදින විට මේ රටේ ගුවන් තොටවල්, රෝහල්, තාක්ෂනය, අනෙකුත් හමුදාමය පහසුකම් මෙන්ම ත්‍රිකුණාමලයේ අක්කර 36000 ක් ඇමෙරිකානු හමුදා කටයුතු සඳහා වෙන්කරන ලදී. එම ගිවිසුම අත්සන් කිරීම සඳහා රොබර්ට් ඔ බ්ලේක් තම රටේ පුරවැසියෙකු හරහා ඉටු කර ගැනීම ඔවුන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි.
හිටපු සහකාර ලේකම් වරයා ශ්‍රී ලංකාවට පැමිණ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දේශනයක් අතරතුර දී ගෝටාභය රාජපක්ෂ උත්කර්ෂයට නංවා කතා කිරීම ඔහුගේ අනුගාමිකයින්ට අද දින ජනපතිවරණයෙන් ජයගත්තා සේ සතුටක් ගෙන දී ඇත. රොබර්ට් ඔ බ්ලේක් විසින් එසේ උත්කර්ෂයට නැංවුයේ මන්ද යන්න තිරයෙන් පිටුපස වෙනමං දිගහැරෙන කතාවකි. ශ්‍රී ලංකාව වැටි ඇති මරඋගුලේ ප්‍රථම අඩිතාලම දැමුවේද රොබර්ට් ඕ බ්ලේක් හා ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස මේ රටේ පරිපාලන සේවයේ ඉහලම තනතුරක් දරු ගෝටාභය රාජපක්ෂ විසිනි.
එම ගිවිසුම මේ රටට අතිශය විනාශකාරී වුවද , ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස දිව්රන අවස්ථාවේදී එකඟ වන වගන්ති වලට අනුව සෑම පුරවැසියෙකුම ඇමෙරිකාව වෙනුවෙන් බැඳීම් රාශියකට යටත් වේ . එම දිවුරුම සිංහලට වර නැගෙන්නේ මෙසේය.
" මින් පෙර යම් විදෙස් කුමරෙකුගේ, නායකයකුගේ, රටක හෝ ස්වෛරිත්වයක යටත් වැසියෙකු හෝ පුරවැසියෙකු වී නම් ඒ සියල්ල මුළුමනින්ම හා සම්පූර්ණයෙන්ම අත් හරින බවටත්, සියලු විදේශීය හා දේශීය සතුරන්ට එරෙහි වෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට හා නීතින්ට සහාය දෙමින් ඒවා ආරක්ෂා කරන බවටත්, ඒවාට අවංකවම විශ්වාසී හා පක්ෂපාතී වන බවටත් නීතියෙන් කියන විටකදී එක්සත් ජනපද හමුදා සේවය වෙනුවෙන් යුද නොවන සේවාවක් ඉටු කරන බවටත්, නීතියෙන් කියන පරිදි සිවිල් මග පෙන්වීම යටතේ ජාතිකමය වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් ඉටු කරන බවටත් මම ප්‍රතිඥා දෙමි."
මෙම දිවුරුම් ප්‍රකාරව ගෝටාභය රාජපක්ෂ මෙහි සඳහන් එක් කොන්දේසියක් වන "එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට හා නීතින්ට සහාය දෙමින් ඒවා ආරක්ෂා කරන බවටත්, ඒවාට අවංකවම විශ්වාසී හා පක්ෂපාතී වන බවටත් නීතියෙන් කියන විටකදී එක්සත් ජනපද හමුදා සේවය වෙනුවෙන් යුද නොවන සේවාවක් ඉටු කරන බවටත්, නීතියෙන් කියන පරිදි සිවිල් මග පෙන්වීම යටතේ ජාතිකමය වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් ඉටු කරන බවටත් මම ප්‍රතිඥා දෙමි." යන කොටස මුලික කොටගෙන ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කරන සමයේදී ඇමෙරිකානු රාජ්‍ය රොබර්ට් ඕ බ්ලේක් සමග ගෝටාභය අතිශය භයානක වූ ගිවිසුමට අත්සන් තැබුවේය.
2007 මාර්තු මස 5 වන දින ACSA නම් "අත්පත් කරගැනීමේ හා හරස් සේවා ගිවිසුම "අත්සන් කලේ එහි මුලාරම්භය ලෙසය. . ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස ගෝටාභය මෙහිදී දිවුරුමට අනුරුපිව කටයුතු කළේය. තව දුරටත් ගෝටාභය ගේ සහය ඇමෙරිකානුවන් බලාපොරොත්තු වේ.
ඇමෙරිකානු පාලනයේ මර උගුලකට හසුවී ඇති ශ්‍රී ලංකාව මෙම මොහොතේ සියලු හැසිරවීම් සිදුවන්නේ යැංකි උවමනාවන් වෙනුවෙනි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන්නේ Alaina B. Teplitz ය. ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිරියාවේ ලිබියාවේ හා ඇෆ්ඝනිස්ථානයේ දී තමාගේ රාජතාක්ත්‍රික ”සේවය” එම රටවලට නොපිරිහෙලා ඉටුකර මෙහි පැමිණ ඇත. Alaina B. Teplitz රාජකාරිය කල සියලු රටවල් මේ වන විට සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී තිබීමත් , එම විනාශයන්ට ඇමෙරිකානු නිර්මාණයක් වූ අයිඑස් ත්‍රස්තවාදීන් ප්‍රමුඛ කාර්යක් සිදු කල බවද ප්‍රසිද්ධ කරුණකි.
ශ්‍රී ලංකාවට පහලින් පිහිටි දියාගෝ ගර්ෂියා දුපත් හි සිට මෙතෙක් කාලයක් සිදුකල ඇමෙරිකානු නාවික කටයුතු ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය මුලික කොටගෙන සිදුවනු ඇත. ගෝලීය පිහිටීම අනුව ශ්‍රී ලංකාව යනු බටහිර කඳවුරට අත්‍යාවශ්‍ය රටකි. ඉන්දියන් සාගරයේ චීන මැදිහත්වීම අඩපන කිරීමේ නිරවි යුද්ධය සඳහා ඔවුන් මේ වන විට අපේ රට වක්‍රාකාරයෙන් අත්පත් කරගෙන අවසන්ය. චීන මැදිහත්වීමෙන් කැනීම් කටයුතු කිරීමට අපේක්ෂා කල මන්නාරම් ද්‍රෝණියේ ඛනිජතෙල් ගවේෂණ ද මින් ඉදිරියට ඇමෙරිකානු සමාගම් විසින් කරනු ඇත. ගෝටාභය රාජපක්ෂ හා රොබර්ට් ඕ බ්ලේක් සමග අත්සන් කල ගිවිසුමට අනුව මේ රටේ සියලුම ගුවන් තොටවල් ඇමෙරිකානු මිලිටරි සේවා සඳහා භාවිතා කල හැක. ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන එන ඕනෑම යුධ, සන්නිවේදන, තාක්ෂණික උපකරණ කිසිදු පරීක්ෂාවකින් තොරව තමන්ගේ මර්මස්ථාන වෙත රැගෙන යාමට ගිවිසුමේ වගන්ති වලට අනුව හැකි විය. ඒ බව ඇමෙරිකානු හමුදා පෙන්වා දුන්නේ C-2A Greyhound යුද්ධෝපකරණ කාගෝ ගුවන් යානය මේ වසරේ ජනවාරි 24 කටුනායක ගොඩ බැසීමත් සමගය. ඉන් අනතුරුව කිසිදු අවහිරයකින් තොරව එකී හමුදාමය උපකරණ ත්‍රිකුණාමලයට රැගෙන ගියේය.
මෙලෙස ඇමෙරිකානු බලාධිකාරියට මව්බිම හැසිරවීමට අවැසි පහසුකම් ගොඩ නැගුනේ ඉහතකී ගිවිසුමත් සමගය. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගම මෙරටට FBI නිලධාරීන් ක්ෂණික ගොඩ බැස්සේය. එහා සමගම පෙන්ටගනයට අයත් මුල්‍ය සමාගමක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 485 ක සහන ණයක්ද වත්මන් බංකොලොත් ආණ්ඩුවට ලබා දුන්නේය. යැංකි ඇමෙරිකානුවන්ගේ ආසියානු මැදිහත් වීම් සඳහා ශ්‍රී ලංකාව අනාගතයේදී භාවිතයට ගැනීමට නම් තව දුරටත් ඇමෙරිකානු රූකඩ පාලනයක් ඔවුන් අපේක්ෂා කරනු ඇත. ඒවෙනුවෙන් ඉදිරි ජනපතිවරණය ඉලක්ක කරමින් හිටපු තානාපතිවරයෙකු හා සහකාර රාජ්‍ය ලේකම් වරයෙකු වූ රොබර්ට් ඕ බ්ලේක් තම කතාවෙන් ගෝටාභය උත්කෘශ්ටයට නැංවුයේ තම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට මිස , ගෝටාභය සතු "විශිෂ්ඨ" දැනුම ඇගයුමට ලක් කිරීමට නොවේ.
රොබර්ට් ඕ බ්ලේක්ලා විසින් ගෝනි නැතුව ගෝටාගේ කරට නගිමින් කරන පුරාජේරුවට රැවටී කන් අඩි පැලෙන්නට අත්පොඩි ගසන මේ රටේ වහල් සමාජය, යැංකි ඇමෙරිකානුවන් විසින් මේ මොහොතේ මව්බිමට කර ඇති විනාශය පිළිබඳව හාංකවිසියක අවබෝධයක් නැත.