අමාත්‍ය විජයපාල මෙන්ඩිස් ගුණ සමරු පිංකම් මාලාවක්

අමාත්‍ය විජයපාල මෙන්ඩිස් ගුණ සමරු පිංකම් මාලාවක්

හිටපු එජාප කටාන ආසනයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය විජයපාල මෙන්ඩිස් මහතා සිහිකරමින් මෙවර ගුණ සමරු පින්කම් මාලාවක් සංවිධානය කර තිබේ. ඒ වත්මන් එජාප කටාන ආසන  ප්‍රධාන සංවිධායක විජිත්  විජයමුණි සොයිසා මන්ත‍්‍රීවරයාගේ මුලිකත්වයෙනි.

 ඒ අනුව අද දින (31) සවස 6.30යේ සිට සර්ව රාත‍්‍රික පිරිත් පින්කමක් විජය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී (Y හංදියේ දී )පැවැත්වීමට නියමිත අතර පසුදින හිල් දානමය පින්කමක් ද සංවිධානය කර තිබේ.

 පුජ්‍ය එගොඩගම ආනන්ද ස්වාමින්වහන්සේගේද අනුශාෂණයෙන් පැවැත්වීමට නියමිත මෙම පිංකම සදහා  ප්‍රදේශයේ නාගරික හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් ගේද දායකත්වය හිමිව තිබේ.

 හිටපු අමාත්‍ය විජයපාල මෙන්ඩිස් මහතා 1954 දී මිගමුව නගරාධිපතිධුරයට පත්වෙමින් සිය දේශපාලන ජීවිතය ආරම්භ කල අතර 1960 වසරේදී කටාන ආසනය නියෝජනය කරමින් එජාපයෙන් පාර්ලිමේන්තුවට  ප්‍රථම වතාවට තේරී පත්විය. වසර 1965 වසරේදී රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් බවට පත් වූ විජයපාල මෙන්ඩිස් මහතා එතැන් සිට විවිධ අමාත්‍යංශ මෙන්ම රජයේ විවිධ තනතුරුද හෙබ වූ අතර හෙතෙම වසර 2001 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරනා ලදී. 2012 වසරේ සැත්තැම්බර් මස 01 වනදා මෙලොව හැර යන විට මෙන්ඩිස් මහතා 83 වන වියේ පසුවිය.

 

 

WhatsApp Image 2019 08 30 at 3.12.01 PM

 

Search