ජවිපෙ සැබෑ නායකයන් පැමිණ ඇත්තේ පහළ පංති පසුබිම් වලිනි. නිදහස් අධ්‍යාපනය ආදී ධනවාදී මානුෂවාදී උපකරණ නොමැති නම් සිංහලෙන් වත් ඉගෙනගෙන ඉදිරියට ඒමට එම පහළ පංතියට හැකි වන්නේ නැත.
මගේ පියා ජේආර්ට භක්තිමත් වුනේ නොමිලේ පොත් ලබාදීම නිසාය. නමුත් එම නොමිලේ අධ්‍යාපනය සමග පහළ සමාජ පංතිය විශාල සමාජීය හා දේශපාලන බලයකට උරුමකම් ලැබීමට සමත්විය. අනුර කුමාර යනු එහි ඉහළම නිෂ්පාදනය යි. එම පංතියට ඉංග්‍රීසි බස හෝ බටහිර සමාජ ආචාරධර්ම ඉගැන්වීමට මෙරට නිදහස් අධ්‍යාපනය එතරම් ප්‍රාග්ධනයක් වැය නොකර තිබීම වෙනත් ගැටලුවකි. භාෂාව කුමක් වුවත් විමර්ශනශීලී චින්තනයක් සහිත, ක්‍රියාකාරීන් පරපුරක් බිහිවීමට අධ්‍යාපනය හේතුවිය.

ජන බලවේගය යනු ජවිපෙ නැමැති ශක්තිමත් පක්ෂ පදනම් මත ඉදිකළ ආණ්ඩු බලය සදහා නිර්මාණය වූ තාවකාලික ව්‍යූහයකි. ඒ තුල හර්ෂණලා, හරිනිලාට තෑන දී ඇත්තේ පක්ෂය විසිනි. නමුත් අද දවසේ ජවිපෙ ප්‍රබල සාමාජිකයන් වන ලාල්, හඳුන් හෝ බිමල් හෝ අනුර හෝ නලින්ද වැනි අයට බරපතල ලෙස ධනපති මාධ්‍ය ප්‍රාග්ධනය සහ දූෂිත දේශපාලන පංතිය එල්ල කරන ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදී නොවන එකකි. එය ඩිජිටල් ධනවාදයේ හැටිය.
අනෙක් අතට, ජවිපෙ උක්ත නායකයන් ඇතුළු සියලූම දෙනා කැපවිය යුත්තේ ධනවාදයේ ජීවන පරමාදර්ශ සඳහා නොව විකල්ප ජීවන විලාසිතාවක් සදහා ය. ජවිපෙ අභ්‍යන්තර තුල පවතින එම ප්‍රතිමාන බහුජන සමාජයට ගැළපෙන්නේ නැතිබව කීම අදේශපාලනික ප්‍රකාශයකි.
ධනවාදයේ උග්‍ර පරිභෝජන දෙවොල ට එල්ලවන බැලිස්ටික් මිසයිල ප්‍රහාර හමුවේ, ජවිපෙ සොයාගත් සරල ජීවන පැවැත්ම නව විකල්ප චින්තනයක් විය හැක.... එය චින්තන මාදිලියක් සහ ජීවන විලාසිතාවක් ලෙස වර්ධනය කළ හැකි විභවතාවයකි. පද්ධතිය වෙනස් කිරීමේ දේශපාලනයට නායකත්වය ලබාදීමට ටිල්වින් සිල්වා පෙරට ආ යුතුය.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
theleader.lk