2026 පළමු දින 25ට සංචා­ර­කයෝ 223,645ක් ඇවිත්

 2026 පළමු දින 25ට සංචා­ර­කයෝ 223,645ක් ඇවිත්

සංචා­රක ව්‍යාපා­ර­යට නව ජව­යක් එක්ක­ර­මින් මේ වසරේ පළමු දින 25ක කාල­යේදී විදෙස් සංචා­ර­ක­යන් 223,645ක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබේ.

ඉන්දි­යාව, එක්සත් රාජ­ධා­නිය, රුසි­යාව, ජර්ම­නිය, ප්‍රංශය, චීනය සහ ඔස්ට්‍රේ­ලි­යාව රට­ව­ලින් වැඩිම සංචා­ර­ක­යන් පිරි­සක් පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය පෙන්වා දෙයි. මෙම කාලයේ වැඩිම සංචා­ර­ක­යන් පිරි­සක් පසු­ගිය 15දා මෙර­ටට පැමිණ තිබේ. එය 10,483කි.

මෙර­ටට විදෙස් සංචා­ර­ක­යන් පැමි­ණෙන ප්‍රධා­නම රට ඉන්දි­යාව බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය නිකුත් කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වාදී තිබේ.

ඊට අනුව මෙම වසරේ පළමු දින 25ක කාල­යේදී ඉන්දි­යා­නු­වන් 41,603 දෙනකු සංචා­රය සඳහා ශ්‍රී ලංකා­වට පැමිණ ති‍බේ. තනි රටක් වශ­යෙන් පැමිණි වැඩිම සංචා­ර­ක­යන් සංඛ්‍යාව එය බව ද ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය සඳ­හන් කරයි.

Search