එංගලන්තයේ සරණාගත වීසා සහිතව වසන මහා-මාධ්‍යවේදී උවිදු කුලකුරසූරිය ශ්‍රීමතානන් විසින් ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය facebook ගිණුම ඔස්සේ අමු තිත්ත කුනුහරපයෙන් අමතා ඇත.
ජ.වි.පෙ.අධ්‍යාත්මික නායකයා වන ටිල්වින් සිල්වාද, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මේ උවිදු නැමති ශ්‍රීමතානන් හමුවී ඇති අතර ඔහු මහා- මාද්‍යවේදියෙකු, චින්තකයෙකු, උපදේශකයෙකු ලෙස වරදවා වටහ ගෙන ඇත. ඔහු පමණක් නොව මේ සමකාලීන යුගයේදී බොහෝ facebook හෝ youtube අපතයන්ව ඒ ආකාරයෙන් වටහා ගැනීම ජ.වි.පෙ. ඇති චින්තනයේ දුගී බව ප්‍රකාශමාන වීමකි.
මේ කිසිදු හාල්පාරුවෙකු අපිනම් සතපහකට ගනන් ගන්නේ නැත. මේ යුගයේදී සමාජ-මාධ්‍ය යනු යථාර්ථය වේශ නිරූපණය කරනා ඇල්ගොරිදම් හරහා වැඩ කරනා මාකටින් ලොජික් එකක් බව අපි දනිමු. මේ හාල්පාරුවන් දන්නා දේශපාලනයක් නැත. දෘෂ්ටිවාදය විවේචනය කරනා අපේ දේශපාලනය තුළ මේ අය අයත් වෙන්නේ 17 වෙනි ශතවර්ෂයටය.
රටක ජනාධිපතිවරයා යනු එහි වෙසෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් රාජ්‍යය පාලනය කිරීමට පත්කෙරෙනා පළමු පුරවැසියාය. සංඛේතීය ලෝකයක් තුළ ඔහුට එම තනතුරට අදාලව ගෞරවය මෙන්ම වරප්‍රසාද හෝ හිමි වීම අපිට අනුව නිවැරදිය. ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කිරීම දේශපාලනයට අදාල කොටස වන විට ඊට එහායින් ඇති ලෝකය යනු අශ්ලීල පැවැත්මක් බවද අපි දනිමු. රටක ජනාධිපතිවරයෙකුට අමු තිත්ත කුනුහරුපයෙන් ආමන්ත්‍රණය කිරීම යනු ඒ අශ්ලීල පැවැත්ම සකර්බර්ගේ වෙළඳ පොල ලෑල්ලේ තබා විකිනීමකි.

පුද්ගලයා හා තනතුර අතර ඇති වෙනස ලකුණු වෙන්නේ සංඛේතීය නීතිය මගිනි. සෑම කෙනෙකුම මේ සංඛේතීය නීතිය උල්ලංඝනය කොට මෙසේ හැසිරීම ආරම්භ කලහොත් අපි ගමන් කරන්නේ අශිෂ්ඨ වූ සමාජයක් කරාය. සිය ජීවිතයේ කුණු වී ගඳගසන පදාසයක් තිබියදී අනුන්ගේ ජීවිත වලට එබෙමින් ඉන් කුණු රස හොයන මේ අපතයින් ප්‍රතික්ෂේප කිරීම දැන් ආරම්භ කල යුතුය.
ජ.වි.පෙ. සියලුම දෙනා මේ අශ්ලීල හැසිරීම ඉදිරියේ නිහඩව සිටියත් අපි එසේ ඉන්නේ නැත. උවිදු විසින් මේ බිඳින්නේ සංඛේතීය නීතියේ කොදු නාරටිය බව අපිට පැහැදිලි වීම ඊට හේතුවයි. පාක්‍යසෝති සරවනමුත්තුගෙන් ආරම්භ කොට සිය අතීතය තුච්ජ ලෙස පාවාදී පිටරටට පලාගිය මේ මීයන් කා දමන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මුලයි. සියලුම දෙනා ඉදිරියේ චන්ඩින් වී ඇති ජ.වි.පෙ. ප්‍රමුඛ මාලිමාවන් මේ අපතයා ඉදිරියේ මෙසේ නිහඩව සිටින්නේ උවිදුව පොරක් ලෙස සලකා නම් අපිට කීමට ඇත්තේ ගාලුමුවදොරින් නැව් නැගීමට දැන්ම සූදානම් වන ලෙසයි.
සංවිධිත-දේශපාලන ව්‍යාපාරයක් මෙලෙස හාල්පාරු facebook කාරයන්ට හෝ පාදඩ youtube කාරයන්ට බියෙන් වලිගය දෙපැරහැන්ද අස්සේ ගසාගෙන සිටීම ඛේදවාචකයකි. ටිල්වින් සේම අනුරද අනිකුත් සියලුම ජ.වි.පෙ.සහෝදර, සහෝදරියන්ද දැනගත යුත්තේ බල්ලන් සමඟ බුදියාගත් විට බලු මැක්කන් සමඟ නැගිටීමට සිදුවනු ඇති බවයි. එහි හානිය වෙන්නේ ඔබට පමණක් නොව මුලු රාජ්‍යයටම වීම අපිට ඇති ගැටලුවයි.
සටහන - සමබිම පක්ෂය