සර් මට සමාවෙන්න මේ ගෑනි මට ද්‍රෝහි වුණා - බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව

සර් මට සමාවෙන්න මේ ගෑනි මට ද්‍රෝහි වුණා - බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව

ගෝපාල් ඉකුත්දා පුලියන්කුලම පොලිසියේ ස්ථානාධිපති නාලක ගුණසේකර වෙත පැමිණියේ මෙසේ කියාගෙනය. කොස්තාපල් රජින්දුන් ගෝපාල්ව ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණේය. ඔහුගේ කතාව ඇසු පොලිස් ස්ථානාධිපතිවරයා මහත් පුදුමයට පත්විය. ඒ ගෝපාල් ප්‍රදේශයේ දන්නා කියන අයකු වූ නිසාය. ග්‍රාමීය සංවර්ධන කමිටුවේ නොච්චිකුලම් ප්‍රදේශයේ සභාපතිවරයා ගෝපාල්ය. ප්‍රජා පොලිස් කටයුතුවලදී ඔහු පොලිසියට සහාය දුන් අයෙකි. 

"කෝ දැන් ඔයාගේ වයිෆ්..."

"සර් මම වෙන් වෙන්නම එයාගේ බෙල්ල කැපුවා. එයාගේ ඔළුව අරන් තමයි සර් මම පොලිසියට ආවේ... ඔළුව මගේ බයික් එකේ සිට් එකේ තියෙනවා" ගෝපාල් කිසිදු බයක් සැකක් නැතිව තමා කළ දේ කියාගෙන ගියේය. "හරි ඔයා කලබල නොවී ඉන්න "


ගෝපාල්ට එසේ කී ස්ථානාධිපතිවරයා ඔහු ජීවිතයට හානියක් කර ගනීදැයි ඇති සැකය මත ඔහුට වාඩි වෙන්නට අසුනක් දී දෑතට මාංචු දැම්මේය. ඒ සමඟම තවත් කොස්තාපල්වරයකු කැඳ වූ ස්ථානාධිපතිවරයා ගෝපාල් කියන්නේ ඇත්තක්දැයි දැනගැනීම සඳහා ඔහුව පොලිස් මිදුලේ නතර කර තබා ඇති යතුරුපැදිය අසලට යැවීය. එලෙස ගිය පොලිස් කොස්තාපල්වරයා ගෝපාල් පැමිණි යතුරුපැදිය සෝදිසි කරද්දී ජැකැට්ටුවක ඔතා තිබූ කාන්තා හිස හමුවිය. කොස්තාපල්වරයා වහා මේ බව ස්ථානාධිපතිවරයාට කීවේය.


"කෝ දැන් නෝනගේ බොඩි එක." ස්ථානාධිපතිවරා යළි ගෝපාල්ගෙන් විමසුවේය. "සර්... ඒක මරතෝඩ් බොරලු පාර ඇතුළේ ඇති. එතැනදී තමයි මම එයාගේ බෙල්ලට ගැහුවේ." ඔහුගේ ප්‍රකාශයට අනුව රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පක්ෂක සිසිර කැඳවූ ස්ථානාධිපතිවරයා වහා කණ්ඩායමක් සමඟ ගෝපාල් සිය බිරිය මරා දැමූ ස්ථානයට ගොස් ඇගේ මළ සිරුරට ආරක්ෂාව දමන්නැයි කීවේය. ඒ එම ප්‍රදේශය වනගත මාර්ගයක් වූ බැව්නි. නරියන්, දිවියන්, වලසුන් මෙන්ම කබරුන්ද ගැවසෙන නිසාය. සින්නපුවරසකුලම් මරතෝඩි ප්‍රධාන මාර්ගයේ මීටර් 200ක් පමණ දුර්න් ඇති වනගත එම බොරලු මාර්ගය බොහෝ විට පරිහරණය කරන්නේ වනජීවී නිලධාරීන්, පොලිස් සහ හමුදා නිලධාරීන් පමණි. සිවිල් වැසියන් එම මාර්ගය පාවිච්චියට නොගන්නේ එය වනගත මාර්ගයක් වූ නිසාය. නයිනමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සින්නපුවරසන්කුලම් සිට මරතෝඩි ගමට කිලෝමීටර් 14කි.

උප පරීක්ෂක සිසිර ඇතුළු කණ්ඩායම සිදධිය වූ ප්‍රදේශයට යන විටත් ගෝපාල්ගේ බියගේ හිස සුන් සිරුර එම ස්ථානයේ වැටී තිබුණේය. සිද්ධිය මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ඇරැඹීය. ඒ අතර නිලධාරීන් සැකකාර ගෝපාල්ගෙන් ප්‍රශ්න කරමින් මෙවන් අමානුෂික ඝාතනයක් සිදුකළේ මන්දැයි ඔහුගෙන් විමසා සිටියේය. එහිදී හෙළිවන්නේ මෙවන් කතාවක්ය. වවුනියාව පුලියන්කුලම පොලිස් වසමේ නොච්චිකුලම්හි පදිංචි සුගීර්දරන් ස්වර්ණලතා තිස් දෙහැවිරිදි ගර්භණී කාන්තාවකි. ඇය රූමත්ය. නයිනමඩු ප්‍රාථමික විද්‍යාලයේ විද්‍යා ගුරුවරියක් ලෙස ඇය සේවය කළාය. ඇගේ සැමියා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර විවාහ වීමෙන් පසු ඔහු ආනන්දර් පුලියන්කුලම ගමේ බිරියගේ නිවෙසේ පදිංචි වූයේය. බිරියගේ මවුපියන් පදිංචිව සිථියේ ඊට යාබද නිවෙසේය. නයිනමඩු රක්ෂිතය නිවෙසට මායිම්ව පිහිටියේය. සැමියාගේ සොහොයුරිය පදිංචිව සිටියේ යාපනයේය. 


ඔහු ඉඳහිට සොහොයුරිය දැක බලා ගැනීමට යාපනයටද ආවා ගියේය. ඒ හැරෙන්නට ස්වර්ණලතා සහ ගෝපාල් අතර කිසිදු ආරවුලක් රංඩු සරුවලක් ඇතිව තිබුණේ නැත.  සිය යතුරුපැදියෙන් නයිනමඩු ප්‍රාථමිකයේ ඉගැන්වීමට ගියාය. ඔවුන්ගේ දින චර්යාව ගෙවී ගියේ එලෙසය. ඒ අතරතුර ස්වර්ණලතාගේ සැමියා වූ ගෝපාල්ට කොළඹ පෝර්ට් සිටියේ කම්කරු රැකියාවක් ලැබිණි. ඒ නිසා ඔහු කොළඹට එම ඡායාරූපය දුටු ස්වර්ණලතාගේ සැමියාගේ "මල" පැන්නේය. ඔහු එහෙත් කලබල වූයේ නැත. ඔහු ඒ බව බිරියගෙන් විමසීය.


"ඔව්. එයා අපේ ගෙදර ඇවිත් තමයි ඔය ෆොටෝ එක අරගෙන ඔයාට යවලා තියෙන්නේ. මම එයාගේ අම්මටයි, තාත්තටයි. කිව්වා"


ඔහු බිරියගේ කතාව විශ්වාස කළේය. ඒ නිසා ඔහු කිසිදු කලබලයක් ඇතිකර ගත්තේ නැත. එහෙත් ඔහුගේ යටි සිතේ බිරිය ගැන ඇති වූයේ තරහක්ය.

මාස කිහිපයක් කොළඹ රැකියාව කළ සැමියා ඉන් අනතුරුව පුලියන්කුලම බලා ගියේ බිරියගෙන් එම සිදුවීම සහසුද්දෙන්ම අසා දැන ගැනීමටය. ඒ අතරතුර සැමියාගේ ජංගම දුරකථනයට තව තවත් කෙටි පණිවුඩද ලැබුණේය. "උඹ කොළඹට වෙලා ඉන්නවා... අන්න උඹේ ගෑනි..." එවන් අදහස් ඇති වචන එම කෙටි පණිවුඩවල සටහන් වී තිබුණේය. මින් ගෝපාල්ගේ කේන්තිය තවත් වැඩිවිය. ඔහු බිරිය හමුවීමට ගියේද එම කේන්තියෙන් වුවද ඔහු ඒ බවක් බිරියට පෙන්නුවේ නැත. බිර්යන්ගෙන් කෙසේ හෝ මෙහි ඇත්ත නැත්ත දැන ගත යුතු යැයි සිතූ ගෝපාල් සන්සුන් විය.


පුලියන්කුලම බිරියගේ නිවෙසට ගිය ගෝපාල් සිද්ධිය සම්බන්ධයෙන් බිරියගෙන් විමසුවේය. බිරිය කියන හැම දෙයක්ම ඔහු විශ්වාස කරන බවක් පෙන්වීය. නිවෙසට යාබද ඡායාරූපයේ සිටි තරුණයාගේ මවුපියන්ගෙන්ද ගෝපාල් මේ ගැන ඇසුවේය. ඒ කිසිදු පිළිතුරකින් කෝපයට පත්වූ බවක් ඔහු නොපෙන්වීය.

"මම යාපනේට යනවා. අක්කා බලන්න ගියෙත් නැහැනේ" එසේ.කී ගෝපාල් පසුදා යාපනයට ගොස් සොහායුරිය මුණගැසුණේය. ඒත් බිරිය සමඟ ඇති වූ ආරවුල ගැන කිසිදු වචනයක් ඔහු සහෝදරියට කීවේ නැත. සුපුරුදු පරිදි ආහාරද ගත් ගෝපාල් පුලියන්කුලම් යන බව කියා යළි වවුනියාවට ආවේය. වවුනියාවට පැමිණි ඔහුට දැනගන්නට මත ඇය හීන් සීරුවේ මුමුණන්නට වූවාය... "එයා.... ගේ" ගෝපාල්ගේ යටි සිතට දැනුණේ කෝපයකි. ඔහු ඒත් ඒ බව නොපෙන්වීය.

 

"හරි... අපි වැව ළඟට යමු. අපි එයාටත් එන්න කියමු කියලා ප්‍රශ්නය විසඳගෙන සේරම අමතක කරලා අපි අලුත් ජීවිතයක් පටන් ගනිමු... ගෝපාල් කීවේය. යතුරුපැදිය සින්නපුවරසන්කුලම් වැව දෙසට හැරවිණි. "අපි ඉන් පස්සේ ඒ

පැත්තට ගියා. මම බොරුවක් කියලා...ත් ඒ එතැනට එනවා කියලා මම එයාව වැව පැත්තට එක්කන් ගියා. ඒත් මගේ හිතේ තිබුණු වෛරය වැඩිවුණා සර්.." සැකකාර ගෝපාල් යළි කියන්නට විය. යතුරුපැදියේ සඟවාගෙන රැගෙන පැමිණි මන්නය ඇදගත් ඔහු තමාට ඉදිරියෙන් ඇවිදගෙන ගිය බිරියගේ ගෙල හරහා මන්නා පහර එල්ල කළේ ඉන් පසුවය. ඒ සමඟම හිස කඳෙන් වෙන් වී ගියේය. මොහොතක් ඒ දෙස බලා සිටි ඔහු සිය දෙනෙත් කරකවා ඒ මේ අත බැලීය.


පෙනෙන තෙක් මානයේ කිසිවකු නොවීය. බිරියගේ සිරුර අසලට ගිය සැකකරු ඇය හැඳ සිටි ජැකැට්ටුව ගලවා කඳෙන් වෙන්වූ හිස කොටස එහි ඔතා ගත්තේය. එම හිස කොටස යතුරුපැදියේ අසුන අසල රැඳවූ බිරියගේ හිසද රැගෙන පුලියන්කුලම පොලිසියට පැමිණියේ ඉන් පසුවය. සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණේය. මිය යද්දී ඇය දෙමස් ගැබිනියක් බවට කරුණු වාර්තා වුවද එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පක්ෂණයට ඇය යොමු කොට ඩී.එන්.ඒ. පරීක්ෂණයක්ද සිදු කිරීමට කටයුතු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමේදී පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා කීවේය.

 

 
 

Search